spot_img
spot_img

මැතිවරණ නීති සංශෝධන කොමිසමේ කාලය දීර්ඝ කෙරේ 

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දීර්ඝ කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබුවා.

මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා තිබෙනවා.

කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගනිමින් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අදාළ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබුණා.

අදාළ නිර්දේශ අප්‍රේල් මස 15 වන දිනට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබූ අතර එම කාලය තවත් මාස 02කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස 15 වන දින දක්වා කාලය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...