spot_img
spot_img

සජිත්ට සහය දීම ගැන TNA එක දෙගිඩියාවෙන්

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසුකච්චි යළි සලකා බැලීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ, ඊයේ (10) දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි.

ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මාධ්‍යම කාරක සභාව රැස්වී එම පක්ෂය සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කළ බව පසුගිය දා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා.

නමුත් එම ප්‍රකාශය නිකුත් කර ස්වල්ප වෙලාවකට පසු එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ තමන් සමගි ජන බලවේගයට සහාය දීමට පක්ෂය ගත් තීන්දුව පිළිබඳ දැනුම්වත් නැති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...