spot_img
spot_img

වෛද්‍යවරුන්ගෙන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්

එළඹෙන බදාදා දින (18) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතපාල මහතා සඳහන් කළේ, අද දින ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු රෝහල්වල කළු කොඩි දැමීමට තීරණය කර තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා,

“අපේ රාජකාරිය රෝගී සත්කාරක සේවාව මේ නිසා අපිට අයිතියක් තියෙනවා රෝහලේ තියෙන අඩුපාඩු වෛද්‍ය උපකරණවල අඩුපාඩු, බෙහෙත් වල අඩුපාඩු කියන්න දන්නැති අයට දැනගන්න කියන්නේ…මේක පදනමක් නැති පක්ෂගාහි පදනම් විරහිත විනය පරීක්ෂණයක්.

මේ නිසා අපි ඊයේ විධායක කමිටුවරැස්වුණා එහිදී තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ගත්තා, වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණය කරන්න එපා කියලා ඇමති කියනවනම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියනවනම් මේකට පැමිණිල්ලක් නැත්නම් මේක කාගේ පදනමක් මතද කරගෙන යන්නේ එහෙනම් මේක දේශපාලන බලපෑමක් මත කරගෙන යන එකක්…

ඊයේ දවසේ මධ්‍යම කාරක සභාවේ රැස්වෙලා වැදගත් තීන්දු තීරණ කිහිපයක් අපි ගනු ලැබුවා.

අද දින සිට සියලුම රෝහල් වල දින හතක් කළු කොඩි දැමීමට තීරණය කරලා තියෙනවා මේ දවස් හත අවසානයේදී විනය පරීක්ෂණය අවසන් කරන්න තීරණය කරේ නැතහොත් ලබන බදාදා 18 දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යනවා.”

එහිදී අදහස් දැක්වූ රජයේ නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ,

“වෛද්‍ය පාලිත රාජපක්ෂ එරෙහිම ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව පසුගිය දිනවල අපි විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

මෙම විනය පරීක්‍ෂණය ආරම්භ කරලා තියෙන්නේ විධිමත් පැමිණිල්ලකින් තොරවයි,විධිමත් පැමිණිල්ලකින් තොරව විනය පරීක්ෂණයක් කිරීම නීතිවිරෝධී, වෛද්‍ය රාජපක්ෂ කතාකළේ මේ රටේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය උපකරණ හිඟය සම්බන්ධ කරුණු ගැන තමයි මේ කතා කරේ, බදුල්ල රෝහලේ පවතින අඩුපාඩු ගැන තමයි කතා කරේ.

අපිට බරපතල සැකයක් තියෙනවා,මේක පිටුපස ඉන්නෙ කවුද කියන එකත් මේක මෙහෙයවන්නේ කවුද කියන එකත් පිළිබඳව,හිටපු දේශපාලන බල අධිකාරියක බලපෑම මත මෙම විනය පරීක්‍ෂණය ගෙනියන එක ගැන අපිට බරපතළ සැකයක් තියෙනවා.

අපේ ආරම්භක පියවර විදියට දිවයිනේ සියලු රෝහල්වල උද්ඝෝෂණයක් සිදුකළා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්තුවා, මේ අනුව ඊයේ දවසේ ඒකමතික තීරණය කරා එළඹන සතිය තුළ කළු කුඩු විරෝධතාවයක් රෝහල් තුළ පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා…”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...