spot_img
spot_img

ජාතික ලැයිස්තු ධුරයට ෆයිසර් මුස්තාපා ගේ නම ආවේ මෙහෙමයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබෙන එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ, බහුතරයකගේ තීරණය අනුව එම පත්කිරීම සිදුකළ බවයි.

අදාළ ලිපියේ දැක්වෙන්නේ,

“ගරු මැතිතුමනි, මෙම කාරණය පිළිබඳව ඒකමතික තීරණයකට පැමිණ එක නමක් නිර්දේශ කිරීම අතිශය අසීරු කාරණයක් බව පෙනී යයි. සන්ධාන පක්ෂ නායකයන් මෙන්ම, මාධ්‍ය මගින් මාහට විශාල වශයෙන් පීඩනයක් වී ඇති බැවින් මේ තීරණය තවදුරටත් කල් දැමිය යුතු නැතැයි සිතමි. එබැවින් අප පක්ෂයේ දේශපාලන කමිටුව කැඳවා සාකච්ඡා කළා.”

“එහි ඒකමතික තීරණය වුයේ අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ පොදු එකඟතාවකට එළැඹීමේ ප්‍රවණතාවයක් නොපෙනෙන බැවින් බහුතර එකඟතාවය පිළිගත යුතු බවයි. ඒ අනුව ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව සඳහා අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන් බහුතරයකගේ තීරණය ලෙස මට දැනුම්දී ඇත්තේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවිය යුතු බවයි.”

“ඒ තීරණය අනුව කටයුතු කරන බව ඔබතුමා සහ සියලු පාර්ශ්වකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.”

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...