spot_img
spot_img

යාපනයේ හඳුනානොගත් උණ රෝගයෙන් මිය ගිය පිරිස ඉහළට

යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන් මෙම රෝගීන් පිරිස ජීවිතක්ෂයට පත්වූ බවයි

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ රෝගය මී උණ බවට සැක කරන නමුත් ඒ සම්බන්ධව අවසන් නිගමනයන් සඳහා අදාළ රෝගීන්ගේ රුධිර සාම්පල කොළඹට යවා ඇතැයි බවයි.

මින් පෙර මෙම උණ රෝගයෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගොස් ඇති පිරිස අවුරුදු 20-65ත් අතර වයසේ පසුවනන්.

මේ අතර අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේද මේ සම්බන්ධව කරුණු අනාවරණය විය.

එම මාධ්‍ය හමුවට එක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවේ මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...