වැඩි වශයෙන් ශ්රී ලාංකිකයන් සංක්රමණය වන රටවල් අතරින් රටක් වන ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකිකයෝ ආසන්න වසර දෙකක පමණ කාලය තුළ රියැදුරු බලපත්ර සම්බන්ධ ගැටලුවකට මුහුණ දී තිබෙනවා.
ශ්රී ලංකාවේ රියැදුරු බලපත්රය ලබා ගෙන තිබුණු ඉතාලියේ ස්ථීර පදිංචිය ලැබූවන්ට එම බලපත්රය ඉතාලියට වලංගු වන ආකාරයෙන් හරවා ගැනීමේ පහසුකමක් මීට පෙර හිමිව තිබුණා/
ඒ, ශ්රී ලංකා රජය සහ ඉතාලි රජය අතර පැවති ද්විපාර්ශ්වික ගිවිසුමක් අනුවයි.
නමුත් මේ වන විට එම පහසුකම ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට අහිමි වී තිබෙනවා.




