වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තිය සමිති සංගමය ආරම්භ කිරීම සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සිදු කෙරුණා.
ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.එම වෘත්තිය සමිති සංගමයේ සභාපති ලෙස රවී කරුනානායක මහතා තෝරා ගැනුණු අතරසංගමයේ අනුශාසක ලෙස පත් කෙරුණේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතායි.
Comments




