spot_img
spot_img

ජනාධිපතිවරණ දිනය ගැන හෙළිදරව්වක්

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි.

එය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණා.

ඒ අනුව, සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බවයි.

කෙසේවෙතත්, ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර ඇති අදාළ පෙත්සම හෙට (08) දිනයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ, එහිදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යම් වාරණ නියෝගයක් ප්‍රකාශයට පත් වුවහොත් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...