spot_img
spot_img

හෙට සහ අනිද්දා ලෙඩ වෙන රාජ්‍ය සේවය

සමස්ත රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති දෙසීයකට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා දිනවලදී වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් රැසක් වෘත්තීය ඉල්ලීම් අතර වන බවයි එම සන්ධානය පවසන්නේ.

තැපැල්, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් හෙට දිනයේ වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ සමස්ත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ නැංවිය යුතු බවයි. රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සදහා බදවා ගැනීම සහ රාජ්‍ය ආයතන විකිණීම නතර කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා.

රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට පමණක් ඉහළ නැංවූ රුපියල් විසිපන්දහසක දීමනාව සමස්ත රාජ්‍ය සේවයට ලබාදෙන ලෙස රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම වර්ජනයට තම සංගමය එක් නොවන බවයි.

මේ අතර රාජ්‍ය සේවයේ පවතින ගැටලුවලට ස්ථීර විසදුම් ලබාදීමට හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවක් පත්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව 2025 අයවැයෙන් ඊට විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...