spot_img
spot_img

සා/පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් ගැටලුවක්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත්  ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් තමා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා තවදුරටත් පැවසීය.

එහිදී විභාගය පවත්වා මාසයකින් පසු සිදුකරන ලකුණු ලබාදීමේ ප්‍රගති සමාලෝචනයේදී මේ පිළිබඳ සාකච්ඡා කර දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදීම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...