spot_img
spot_img

ත්‍රීරෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථ ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ සොරා ගත් ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේදීය.

ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සිටි සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය  මිලිගෑම් 5,200 තිබී සොයා ගැනීමට පොලීසියට හැකි විය.

අනතුරුව සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එගොඩඋයන පොලිස් වසමේ නිවාස තුනකින් සොරාගත් වාහන කැසට් යන්ත්‍රයක් සහ ස්මාට් ජංගම දුරකථන දෙකක් එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුට අඩු මුදලට විකුණා තිබියදී පොලීසිය මගින් සොයා ගෙන ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...