spot_img
spot_img

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (21) තුන්වෙනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.30ට පැවැත්විමට නියමිතයි.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණේ 19 සහ 20 දෙදින පමණයි.

නමුත් 19 වැනිදා පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළේ, විවාදය අද දිනයේත් පැවැත්වීමටයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම තුළ කථානායකවරයාගේ හැසිරීම පිළිබඳව විරෝධය පළ කරමින්, විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට එරෙහිව මෙම විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ඡන්ද විමසීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව ඇමතීමට බලාපොරොත්තු වන බවත්, විශ්වාසභංග විවාදයේදී ඔහු මුලාසනයට නොපැමිණෙන බවත් කථානායක කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...