spot_img
spot_img

දයාසිරිගේ නායකත්වයෙන් නව සන්ධානයක්

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් ඊයේ (20) නව සන්ධානයක් එළිදක්වනු ලැබුවා.

මානුෂීය ජනතා සන්ධානය ලෙස එය නම් කර ඇති අතර පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක් සමග ගිවිසුම් ගත වීමද මෙහිදී සිදු කෙරුණා.

එක්සත් ලංකා පොදු ජන පක්ෂය වෙනුවෙන් අජන්ත හේවගේ, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් නායක අබ්දුල් මජීර්, ජාතික පෙරමුණ වෙනුවෙන් එහි නායක රංජිත් පීරිස් ඇතුලු පක්ෂ කිහිපයක් සන්ධාන ගත වූ පක්ෂ අතරට අයත්.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රවුෆ් හකීම්, පී දිගම්බරම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

මානුෂීය ජනතා සන්ධානය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ජනතාව ඒකරාශී කර ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...