spot_img
spot_img

තත්වය දරුණු වෙයි – දොස්තර අර්චුනාට රෝහල තහනම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවකට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලිසියට බාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රෝහල් ආරක්ෂක නිලධාරීන්ට ඊයේ (16) දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පහර දීමට සූදානම් වුවත් පෙරලා ඔහුට පහර නොදෙන ලෙසත්, ආරක්ෂිත ගේට්ටු වසා දමා ඔහුව අල්ලා පොලිසියට දැනුම් දෙන ලෙසයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා ආරක්ෂක නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා සියලුම දෙනාට තව දුරටත් පවසා ඇත්තේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රෝහල් අධ්‍යක්ෂවරයා ”සර්” යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම නිස දැඩි ලෙස උරණව සිටින නිසා ඔහු යළිත් හදිසියේම යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී කුමන හෝ විනාශයක් සිදු කළ හැකි බවයි.

මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී නොසන්සුන් ලෙස හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම ගැන ඔහු දැඩි ලෙස කිපී ඒ පිළිබඳ චෝදනාත්මක ස්වරූපයකින් යාපනයේ සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතා දීර්ඝ වශයෙන් කතා කිරීම හේතුවෙන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...