spot_img
spot_img

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව එලියට

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවයි ඔහු එහිදී සඳහන් කළා.

“අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය.”

1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා

2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා

3 ආගම නංවාලීම සඳහා

4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා

5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

“2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා.”

* පී. හැරිසන්

* පියසේන ගමගේ

* සුමේදා ජයසේන

* මනෝජ් සිරිසේන

* පී දයාරත්න

* එස්.සී මුතුකුමාරණ

* වාසුදේව නානායක්කාර

* එස් බී නාවින්න

“මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා…සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.”

* දයාසිරි පද්මකුමාර ජයසේකර

* පියල් නිශාන්ත ද සිල්වා

* සුසිල් ප්‍රේමජයන්ත

* ඉසුර දේවප්‍රිය

“මේ කට්ටියක්.. තව ඉන්නවා…”

* ජගත් කුමාර – රු. ලක්ෂ 10යි

* කේ පී එස් කුමාරසිරි – රු 953,430

* ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි

* නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි

* ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි

* විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි

* විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි

* ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි

* පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි

* ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි

* ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි

* ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි

* ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි

* ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි

* ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි

* රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි

* රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි

* කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි

* එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි

* රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි

* දි මු ජයරත්න – රු ලක්ෂ 300යි

“මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා.”

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...