Thursday, May 7, 2026
spot_img
spot_img

අතුරුගිරියේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය හමුවෙයි

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී තිබෙනවා.

අද (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන තිබුණා.

එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

අදාළ වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර, ආදායම් බලපත්‍රයේ පිටපතක්ද ඉදිරිපස වීදුරුවේ අලවා ඇති බව වාර්තා වනවා.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ, කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ.සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...