Thursday, May 7, 2026
spot_img
spot_img

රනිල්ට උදවු කළේ බයකට නොවේ, ඉදිරියටත් සහාය දෙනවා – බැසිල්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කළේ, බයකට නොවන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව, තම පක්ෂය ජනාධිපතිවරයාට ණයක් නැති බව පැවැසූ හෙතෙම ජනාධිපතිවරයාට අද දක්වා ලබා දුන් සහයෝගය ඉදිරියටත් දක්වන බව සඳහන් කළේ ය.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවයට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“මේ උත්සවයේ මනමාලයා වන්නේ රත්තරන් හදවතක් තිබෙන රෝහිත අබේගුණවර්ධන මහතා ය. රෝහිත පැවැරූ කාර්යය ඉතා හොඳින් ඉටු කළ නායකයෙක්. රෝහිත පක්ෂය නිර්මාණය කළ දා සිට ජය සහ පරාජයන්වලදී පෙරමුණ ගෙන කටයුතු කළා. පොදු ජන පෙරමුණ ඉදිරියට ගෙන යෑමේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබෙන ශක්තිය මෙන් ම රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කරද්දී ජනපතිට අප උදවු කළේ කිසියම් බයකට නොවේ. අප ඔබට ණයක් නැහැ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...