Wednesday, May 6, 2026
spot_img
spot_img

රාජ්‍ය සේවකයින් දෙවැනි දිනටත් ලෙඩ වෙයි

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේද ක්‍රියාත්මකයි.

විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ (08) සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණා.

ඒ අනුව, ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

මේ හේතුවෙන්, රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතුවලට එයින් දැඩි බාධා එල්ල වුණා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසා ඇත්තේ, සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති බැවින් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනයට සමගාමීව තැපැල් වෘත්තීය සමිති ද පසුගියදා (07) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයට නිරතව සිටිනවා .

එම වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා.

මේ අතර, ඊයේ පැවති සාකච්ඡාවකදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා සිටියේ,වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.

මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...