Thursday, June 4, 2026
spot_img
spot_img

මාව එළවන්න කාටවත් බෑ- ෆොන්සේකා

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තමන්ව පක්ෂයෙන් ඉවත් කිරිමට එරෙහිව අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි.

එම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට හැකිවනු ඇති බවට තමන් සිතන බව ඔහු පවසා සිටිනවා.

එම නිසා කිසිවෙකුට ආස වුණ පළියට හෝ හිතුණ පළියට තමන්ව අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට නොහැකි බවත් එවැනි තීරණයක් කිසිවෙකු හෝ ප්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම අධිකරණයට අපහාස කිරීමක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

“අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා. දූෂණයට විරුද්ධ, දූෂිතයො ගාවගන්නේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක්. පිරිසිදු‍ මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමනක් යන්න හිතාගෙන තමයි ඒකට අපි එකතු වුණේ.ඒ පක්‍ෂයේ තනතුරු මම භාරත්තේ එවැනි බලාපොරොත්තුවක් තියාගෙනයි. නමුත් දැන් එතන අලුත් දේශපාලන ගමනකුත් නෑ, දූෂිතයන්ගෙන් තොර ගමනකුත් නෑ. වියත් මගෙයි, පොහොට්ටුවේ හිටපු දූෂිත මිනිස්සුත් දැන් එන එන වෙලාවට පක්ෂයට භාරගන්නවා. ඒ කළකිරීම මත ඉදගෙන මම අදහස් ප්‍රකාශ කරනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...