spot_img
spot_img

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැත්තකට දමා සිගරට් සමාගමට බදු සහන දුන් සියලු දෙනාට දඩුවම් දියයුතුයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි සඳහා නිර්දේශ කර ඇති බදු ප්‍රතිපත්තියට වඩා බෙහෙවින් අඩු බදු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව නවතම දත්ත මගින් තහවුරු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටිවල සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක් බදු ලෙස අය කර ගත යුතු බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වත්මන් බදු ප්‍රතිශතය පවතින්නේ 67%ත් 69%ත් වැනි අවම මට්ටමකිනි.

මෙම අසමත්කම හේතුවෙන් ජාතික ආර්ථිකයට ලැබිය යුතු විශාල බදු ආදායම් ප්‍රමාණයක් අහිමි වන අතරම, දුම්වැටි සමාගම් සිය ලාභාංශ අඛණ්ඩව ඉහළ නංවා ගනිමින් සිටී.

බදු ප්‍රතිපත්තිය නිසි ලෙස ස්ථාපිත නොකිරීම හරහා දුම්පානයට ඇබ්බැහි වූවන් පාලනය කිරීමට ඇති අවස්ථාව ද ගිලිහී ගොස් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට බදු ප්‍රතිශතය ඉහළ නැංවීම මගින් දුම්වැටි පරිභෝජනය අඩු කර ගැනීමට මෙන්ම රජයේ බදු ආදායම ද සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කර ගැනීමට හැකි බව ආර්ථික විශේෂඥයින් සහ සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...