spot_img
spot_img

තායිලන්තයට යන ලාංකික සංචාරකයින්ට වීසා ඕන නෑ

ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් ලැබෙනු ඇති බවත් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මීට පෙර මෙම අවස්ථාව රටවල් 57 සඳහා තායිලන්ත රජය ලබාදී තිබූ අතර එය රටවල් 93 දක්වා වැඩි කිරීමට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය කළ යෝජනාවක් මත පසුගියදා එරට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේය.

එම ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් 36 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇති බවත් තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගෙන ඇති මෙම තීරණය හෙට(01) සිට ක්‍රියාත්මක වන බවත් එරට රජයේ ප්‍රකාශක චායි වචරොන්කේ පැවැසුවේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...