spot_img
spot_img

විදුලිබල මණ්ඩලයේ නාස්තියක් ගැන වෘත්තීකයන්ගෙන් චෝදනා

ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්‍ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්‍රාන්ස්ෆෝමර් පරීක්‍ෂණ යන්ත්‍රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව එම පරීක්‍ෂණ යන්ත්‍ර කීපයක්ම තිබීම නිසා නව යන්ත්‍රයක් මිලදීගැනීම මුදල් නාස්තියක් බවත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

විදුලිබල මණ්ඩලයේ ජනන අංශය යටතේ පවතින වත්කම් කළමනාකරණ ශාඛාවේ ඇති එම උපකරණයෙන් මේ දක්වා එම පරීක්‍ෂණ කළ බවත් නව යන්ත්‍රය මිලදීගැනීමේ කටයුතු කරන නිලධාරීන් අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමඟ යවමින් යන්ත්‍රය මිලදීගැනීමට අනුමැතිය ගෙන ඇති බවත් වෘත්තීය සමිති කියයි.

වත්කම් කළමනාකරණ ශාඛාවේ එම මණ්ඩලය විශාල වියදම දරා පුහුණු කළ ඉංජිනේරුවන් සිටියදී නොරෝච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන් සඳහා ඉතාලියේ පුහුණුවක් සහ කර්මාන්තශාලා පරික්ෂාවක් ඇතුළත් කරන ලෙස ලංසු කැඳවූ ලියවිල්ලේ සඳහන් කර ඇති බවත් සති දෙකක ඉතාලියේ සංචාරයට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොරකමින් සිටින බවත් වෘත්තීය සමිති නිලධාරීහූ පවසති.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ එවැනි මිලදීගැනීමක් පිළිබඳව දැනුවත් නොමැති බවත් හැකි ඉක්මණින් සොයා බලා අදහස් දැක්විය හැකි බවත්ය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...