spot_img
spot_img

එල් නිනෝ බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරේ

ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රටට සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙළ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහා පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන් පත් කර ඇත.

මීට අමතරව, මෙම අනුකමිටුවට අවශ්‍ය සහාය ලබා දීම සඳහා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කිරීමට කටයුතු යොදා ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...