spot_img
spot_img

ආගමික නායකයන් 22කට රාජකාරී පාස්පෝට් ලැබුණේ කොහොමද? රහස මෙන්න

2010 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වූ කාලය තුළ මෙරට ආගමික නායකයන් 22 දෙනෙකු වෙත රාජකාරී විදේශ ගමන් බලපත්‍ර (Official Passports) නිකුත් කර ඇති බව ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.මෙම බලපත්‍ර නිකුත් කිරීම 2008 සහ 2016 වර්ෂවලට අදාළ අමාත්‍යාංශ චක්‍රලේඛවලට අනුකූලව සිදුකර ඇති බවත්, අදාළ ආගමික නායකයන් අමාත්‍යාංශවල උපදේශකවරුන්, අමාත්‍යවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන් හෝ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සහතික කිරීම මත ඒවා නිකුත් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පළාත් පාලන ආයතනවල මාණික ශ්‍රේණියේ නිලධාරීන්ට වුවද, නියමිත ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නිර්දේශ මත ආගමන විගමන පාලකවරයා විසින් මෙම බලපත්‍ර නිකුත් කර ඇත. මෙම සියලු නිකුත් කිරීම් පෙර පැවති රජයන් සමයේ සිදුවූ ඒවා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...