spot_img
spot_img

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වුණා.

මෙම තරඟය කඩුලු තුනකින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

කයිල් මෙයර්ස් ලකුණු 35ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ඇරඹු දකුණු අප්‍රිකානුවන්ට ලකුණු රැස්කිරීම පහසු වූයේ නැහැ..

එසේම පන්දු ඕවර 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 15ක්ව තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය අනුව දකුණු අප්‍රිකාවේ ඉලක්කය පන්දු ඕවර 17කදී ලකුණු 123ක් දක්වා වෙනස් වුණා.

ඔවුන්ගේ කඩුලු විටින් විට දැවී ගියද 17 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී මාර්කෝ යැන්සන් එල්ලකළ 6 පහරත් සමග තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණා.

මේ අතර, එංගලන්තය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගනු ලැබුවා.

ඒ සුපිරි 8 දෙනාගේ වටයේ අමෙරිකාව සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගනිමින්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...