spot_img
spot_img

යුද්ධයට මැදිවූ ලාංකිකයින් බේරගන්න දූත පිරිසක් රුසියාවට

රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙලෙස පිටත්වීමට නියමිත බවයි.

මෙම ශ්‍රී ලාංකික දුත පිරිස සහ රුසියානු රජයේ නියෝජිතයින් අතර නිල හමුව අනිද්දා (26) දිනයේ දී මොස්කව් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එදින උදෑසන රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමගත් සවස්වරුවේ රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමගත් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...