spot_img
spot_img

පාසල් දුම්රිය මාස දෙකක් තිස්සේ කැලෑ පාරක හිරවෙයි

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් දුමිරය මාර්ග නැයයෑමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස 02ක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන 02 අතර ගාල් කර ඇත.
නොවැම්බර් 27 වන දා පස්වරු 2.07ට සුපුරුදු පරිදි මහනුවරින් නාවලපිටිය බලා අංක 1153 “පාසල් දුම්රිය” ලෙස ප්‍රචලිත දුම්රිය ගමන් ආරම්භ කළත් එයට ගමනාන්තයේ තෙක් මෙතෙක් ළඟා වීමට නොහැකි වී ඇත.

ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උපදුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නාය ගොස් තිබුණි.

ගම්පොළ තැඹිලිගල වරකාපිටියේ සිට උලපනේ දුම්රිය ස්ථානය දෙසට ගමන් ගත් දුම්රියෙහි රියදුරු මාර්ගයට වැටී තිබූ පස් කන්දක් නිසා ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම් දි ඇත.

ඉන් අනතුරුව නැවත ගම්පොළ දුම්රිය ස්ථානයේ වෙත දුම්රිය පසුපසට ධාවනය කිරීම සඳහා රියදුරු උත්සහ කල අවස්ථාවේ දුම්රිය ගමන් ගත් මාර්ගයේ ගම්පොළ වරකාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ නැයයෑම රියදුරට දර්ශනය වීමෙන් ඔහු විසින් දුම්රිය උලපනේ සහ වරකාපිටිය දුම්රිය උපපොළ අතර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නතර කිරිමට රියදුරු සමත් වී ඇත.

මෙසේ දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ එහි දුම්රිය රියදුරුගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාවෙන් බව දුම්රිය නවතා ඇති උලපනේ වරකාපිටිය ගම්වාසීන් කියා සිටියි.

එසේම දුම්රිය මාර්ගයට හානි වීම නිසා එකම පොදු ප්‍රවාහනය ලෙස දුම්රිය භාවිතා කළ තමන් දෛනික ගමනාගමනය වෙනුවෙන් මහත් වෙහෙසක් හා මුදලක් දැරීමට සිදුවන බවත් එනිසා හැකි ඉක්මනින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරවීම ආරම්භ කරන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටියි.

එම දුම්රියේ ගමන් ගත් දුම්රිය රියදුරන් සහ කාර්ය මණ්ඩලය දින 03කට පසු නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...