spot_img
spot_img

මාරවිල නිවසක සේවය කළ කාන්තාවකගේ උදරයෙන් වීදුරු බෝතල් සොයා ගැනීම: සැකකරුවන්ට ස්ත්‍රී දූෂණ චෝදනා

මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම කාන්තාව සේවය කරන නිවසේ පැවති සාදයකට එක්වූ පිරිසක් මත්පැන් පානය කිරීමෙන් පසුව මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාන්තාව අධික රුධිර වහනය හේතුවෙන් මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් වී ඇත්තේ, ජනවාරි 09 වන දා ය.

එහිදී සිදු කළ ස්කෑන් පරීක්ෂණයකින් කාන්තාවගේ කුස තුළ විදුරු බෝතල් දෙකක් ඇති බවට හඳුනා ගැනීමෙන් පසුව එදින ම සැත්කමකින් ඒවා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී, කාන්තාව තමා සේවය කරන නිවසේ පැවති සාදයක් අතරතුර මෙම ලිංගික අපරාධයට ගොදුරු වූ බව පවසා තිබේ.

සැකකරුවන් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මේ අනුව, මාරවිල මූලික රෝහල, මාරවිල පොලිස් ස්ථානයට එම සිදුවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය කාන්තාව සේවය කළ නිවසේ පැවති සාදයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනෙකු සහ නිවසේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව, තොරතුරු වසන් කිරීමේ චෝදනා යටතේ නිවසේ හිමිකාර කාන්තාවට ද, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද චෝදනා එල්ල කරමින් ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් ජනවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔවුන් අතරින් නිවසේ හිමිකාර කාන්තාව ජනවාරි 13 වන දා ඇප මත මුදා හැර ඇති අතර, අනෙක් පුද්ගලයන් දෙදෙනා මේ මස 22 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ සිදුවීමට මුහුණ දුන් කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක බව පොලිසිය පවසයි. ඇය මේ නිවසේ වරින් වර සේවය කර ඇති අතර, මෙවර ද දින කීපයක් සේවය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ බව නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ බීබීසී සිංහල වෙත පැවසීය.

මෙම කාන්තාව මේ වන විටත් මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණයක් මෙහෙයවයි.

සමාජ මාධ්‍ය ප්‍රතිචාර
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවූ පුවත්වලට ඇතැම් පුද්ගලයන් විසින් පළ කරනු ලැබ තිබූ අදහස් ද විවේචනයට ලක්ව තිබිණි.

එවැනි බොහෝ ප්‍රතිචාරවල කාන්තාවට බැන වදින අදහස්, ඇය සම්බන්ධයෙන් ලිංගිකත්වය උළුප්පමින් පළ කළ අදහස් පමණක් නොව එම සිදුවීමේ වීඩියෝ තිබේ දැයි විමසූ අදහස් පවා දැකගත හැකි විය.

එමෙන් ම බීබීසී සිංහල කළ සොයා බැලීමේදී ඇතැම් වෙබ් අඩවි මෙම පුවත වාර්තා කිරීමේදී කුතුහලය ඉස්මතු කරන ආකාරයෙන් වින්දිතයාට අගතියක් සිදුවන අයුරින් සිරස්තල යොදා ඇති ආකාරය ද දක්නට ලැබිණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...