spot_img
spot_img

අද සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

එසේම බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

එසේම සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...