spot_img
spot_img

සජිත් දුප්පත්කම නැති කරන්නේ මෙහෙමයි

දිලිඳු ජනතාව නඟාසිටුවීම සඳහා සාර්ථකම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිකවැරටියේ අද (30) පැවති ජන රැලියකදී ඔහු මේ බව කියාසිටියා.

“රාජ්‍ය සේවය වෙනුවෙන් 24%ක වැටුප් වැඩි කිරීමක්. රු17,800 සිට 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ලබාදීම. රු 57,000ක අවම වැටුපක්. 6% – 36% දක්වා තිබෙන බදු සුත්‍රය වෙනුවට 1% – 24% දක්වා ක්‍රියාත්මක වන බදු සුත්‍රයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවය මැදපන්තිය රකින වැඩපිළිවෙලකට යොමු වෙනවා. ගොවින්ට කිලෝ 50 පොහොර මිටිය රු 5,000ට ලබාදෙනවා. රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබාදෙමින් වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. දුප්පත්කම තුරන් කිරීමට ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය හැම වැඩසටහනකම හොඳ ගුණාංගයන් ටික අරගෙන අවුරුදු 2ක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමහර කුහකයෝ විවේචනය කරනවා කරන්න බෑලු. වැඩබැරි අයට බෑ තමා. කුරුණෑගල මේ ප්‍රා ස 30 ජීවත් වන මගේ ජනතාව අපි කුරුණෑගල ගොඩගන්නවාමයි. අපිට ඉඩ දෙන්න රට ගොඩගන්න. කවුද ජනතාවට පිහිට වෙන්නේ. හොඳට මතක තියා ගන්න ඔබේ දුකේදී ඉන්න එකම හිතවතා සජිත්.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...