spot_img
spot_img

නිදහස් පක්ෂෙ නියෝජිතයෝ කවුද කියන එකත් දැන් ජනතාවට ප්‍රශ්නයක් වෙලා – මල්වතු මහනාහිමි  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයන් කවුද යන්නදැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියන් පවසනවා.

උන්වහන්සේ පවසා ඇත්තේ කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිවාසිකම් කීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගතව ඇති බවයි.

ආමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ඊයේ (26) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මහනාහිමියන් මේ බව ප්‍රකාශ කර තිබුණා.

පක්ෂයේ සැබෑ අයිතිය කාටද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සිදු වන්නේ අධිකරණයෙන්ම බවත්, පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන නිසා අධිකරණය මඟින් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් දෙනු ඇති බවත් මහ නාහිමියන් මෙහිදී ප්‍රකාශ කළා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116 දෙනකු ඒකමතිකව වැඩබලන සභාපති ලෙස තමා තෝරාගෙන ඇති බවයි.

එම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන්නේ විධායක සභාව නියෝජනය කරන පිරිස අතුරින් 10 දෙනකුටත් අඩු කණ්ඩායමක් බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.

විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ වෙනම දේශපාලන පක්ෂ සමඟ ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝග ගෙන ඇති බවයි.

තම පාර්ශවයද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව ඔහු තවදුරටත් පවසා තිබුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, සරත් ඒකනායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරු සහභාගි වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...