Sunday, May 10, 2026
spot_img
spot_img

විදුලිබල පනත හකුළා ගනු – සමිති 28ක් විරුද්දයි – ජවිපෙ සමිතිය නෑ

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති නව විදුලිබල සං‍ශෝධන පනත් කෙටුම්පතට වි‍රෝධය දක්වමින් ඊයේ (ජූලි 22) විදුලිබල මණ්ඩල සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූහ.

එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවූ ලංවිම සේවකයන් හා වෘත්තීය සමිති කොළඹ කොටුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට ඊයේ දහවල් සටන්පාඨ කියමින් උද්ඝෝෂණයක ද යෙදිණි.

මෙම විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන විදුලි සේවක සංගමය හැර ලංවිම වෘත්තීය සංගම් 29න් 28ක් සහභාගී වූ බව කාර්මික ශිල්පීන්ගේ සංගමයේ කෝසල අ‍බේසිංහ පැවසීය.

මේ වන විට හෙට (ජූලි 24) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමා ඇති බවට රජය නිවේදනයක් නිකුත් කර ඇති බවද හෙතෙම පැවැසීය.

ඊයේ පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගයට අත්‍යවශ්‍ය සේවාවල නියුතු කාර්ය මණ්ඩල හැර අනෙකුත් ලංවිම සේවකයන් අසනීප නිවාඩු ගෙන සේවයට වාර්තා නොකළ බව ද වෘත්තීය සංගම් නියෝජිතයෝ පැවැසූහ.

ලංවිම සේවකයන්ගේ මෙම වි‍රෝධතා ව්‍යාපාරයට විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය ද සහයෝගය පළකර තිබිණි.

මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ආණ්ඩුවට දින 5ක කාලයක් ලබාදෙන බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් අනිවාර්යයෙන්ම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසීය.

“මේ ආණ්ඩුවට ලබාදෙන මුල්ම අනතුරු ඇඟවීමයි. මේ ගැන හිතලා ආණ්ඩුව වෘත්තීය සමිති ව්‍යාපාරය හා ලංවිම සේවකයන් සමග අදාළ නීත්‍යනුකූල ලියවිලි අස්සන් කර හොඳ විදිහට බේරා ගැනීමට කටයුතු නොකළහොත් දෙවැනි අදියර ලෙස මෙහි සාර්ථකත්වයත් එක්ක ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගයට යෑමට සියලු කටයුතු සූදානම්” කර ඇතැයි ලංවිම නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළේ ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...