spot_img
spot_img

වෙළඳපොලේ පොල් තෙල් පහට එකක් කළවම්

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සාම්පල් පරීක්ෂාව සඳහා පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබූ පොල් තෙල් සාම්පල් අතරින් 21% ප්‍රමාණයක් කලවම් පොල්තෙල් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවට පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා ඊයේ (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මේ බව පවසා සිටියේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳපොළ වැටලීම්වලදී ලබාගත් පොල්තෙල් සාම්පල් 75ක් මෙලෙස පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති අතර පොල් සංවර්ධන අධිකාරිය එම සාම්පල් පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් සාම්පල් 15ක් කලවම් පොල්තෙල් බවට තහවුරු කරගෙන තිබේ.

එමෙන්ම පොල්තෙල්වල පැවතිය යුතු ඇෆලටොක්සීන් අගය දහයට පහළ අගයක් ගතයුතු වුවත් මෙම සාම්පල්වල ඇෆලටොක්සීන් අගය පැවතිය යුතු සීමාව ඉක්මවා තිබූ බවත් සභාපතිවරයා කියාසිටියේය.

මීට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තවත් පොල්තෙල් සාම්පල හැත්තෑ පහක් පරීක්ෂණ කටයුතු සඳහා අධිකාරිය වෙත ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...