ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බවත්, අවශ්‍යතා අනුව එම මුදල් ලබා දීමට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
2024 අයවැය මගින් රුපියල් බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර රජය දැඩි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන බැවින් එම මුදල් ලබා දීමේ කිසිදු බාධාවක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මූලික වශයෙන් තැපැල්, මුද්‍රණ සහ ආරක්ෂාව සඳහා වන වියදම් ලබා දීමට සූදානම් අතර අවශ්‍යතා පරිදි අදාළ මුදල් නිදහස් කිරීමට හැකි බව එහි දී නිලධාරීන් විසින් පැවසූ බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත් වූ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.




