කෘතිම හිඟයක් මවමින් පොල්තෙල් තොග සඟවා අධික ලෙස ඉහළ දමා පොල්තෙල් අලෙවි කර කෝටි ගණනින් ලාබ ලැබීමේ වෙළෙද මාෆියාවක් රටපුරා ක්රියාත්මක වන බව පිටකොටුව තොග වෙළෙද පොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් සහ පොල්තෙල් පිරිපහදු කරන්නන් පිරිසක් එක්වී මෙම වෙළෙඳ මාෆියාව ක්රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග පවසනවා.
මේ වන විට කොළඹ සහ තදාසන්න ප්රදේශවල පමණක් නොව දිවයිනේ සෑම නගරයකම පාහේ මෙම වෙළෙද මාෆියාව ක්රියාත්මක වන බවද ඔවුහු සදහන් කළා.




