ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණ කොමිසමෙන් නිවැරදි ලකුණ ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු පවසන්නේ මෙතෙක් කල් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණේ රාජපක්ෂ මහත්වරුන්ගේ ගෑස් බවත් ඒ හේතුවෙන් රාජපක්ෂ මහත්වරුන්ගේ ගෑස් මේ වන විට අවසන් වී ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ආණ්ඩුව මේ වන විට බරපතල දූෂණ ගණනාවක් සිදු කෙරෙමින් සිටින බවද ඒ මහතා පවසනවා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා ;
” ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමෙන් හම්බෙලා තියෙනවා ඔහුගේ නියම මැතිවරණ ලකුණ. එච්චරකල් වික්‍රමසිංහට හම්බුනේ රාජපක්ෂලාගේ ගෑස්. ඒ නිසා රාජපක්ෂලගේ ගෑස් දැන් ඉවර වෙලා තියෙනවා. හිස් සිලින්ඩරේ වික්‍රමසිංහට හම්බෙලා තියෙනවා. 21 වෙනිදා වෙනකොට ගෑස් නැති හිස් සිලින්ඩරෙන් වික්‍රමසිංහට සිලින්ඩරෙත් තියලා 22 වෙනිදා වෙනකොට බැහැලා යන්න වෙනවා. හැබැයි රනිල්ට නිකන් බැහැලා යන්න නෙවෙයි වෙන්නේ.
මේ වෙනකොට රනිල් වික්‍රමසිංහත් මේ ආණ්ඩුවත් සිදු කරමින් තියෙන බරපතල දූෂණ ගණනාවක් තියෙනවා. මැතිවරණ සඳහා සල්ලි හොයන ජාවාරම් හරි හරියට වෙනවා. සල්ලි වලින් ප්‍රචාරක කටයුතු කියලා ලක්ෂ 2000ක් මීට කලින් ඇමති ගෙදර යන්න කලින් මිලියන 700ක්. ප්‍රදර්ශන කුටි ප්‍රදර්ශන කුටි තියලා වියදම් කලා. මේ තරම් වංචා දූෂණ ගණනාවක් කරලා රනිල්ට ගෙදර යන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා සිලින්ඩරේ කරේ තියන් හිරේ තමයි යන්න වෙන්නේ”




