spot_img
spot_img

මම මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ දිනන්න – නාමල්

මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පවසන්නේ අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවයි.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කිරීමට බවත් මෙරට ජනතාව සහ රට ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.

නූතන පරම්පරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් ඇති බවත් මෙරට අම්මා තාත්තගෙන්, තරුණයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කලා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අපේකම ආරක්ෂා කරන ගමන් නූතන පරම්පරාවට ගැළපෙන ආකාරයට රට සකස් කිරීමට නවීකරණය සඳහා ගමන් කිරීමට එකතුවන ලෙස ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...