spot_img
spot_img

සජබෙ බාර් ලයිසන් ඉල්ලපු මන්ත්‍රීලා නෑ කියලා පුළුවන්නම් ඔප්පු කරන්න – අනු‍ර කුමාර

මත්පැන් බලපත්‍ර ඉල්ලූ එක් මන්ත්‍රීවරයෙක් හෝ සමඟි ජන බලවේගයේ නොසිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් රටට සහතිකයක් ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගය සංවිධානය කළ පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“මේ ආණ්ඩු සල්ලි නැහැයි කියනවා. භාණ්ඩාගාරයට එන්න තිබෙන සල්ලි හරවලා තිබෙන්නේ ඇලෝසියස්ගේ, රවි කරුණානායකගේ, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගෙදරට. අනෙක් පැත්තෙන් භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය හොරකම් කළා. අපි ඒ ධනය ඔක්කොම භාණ්ඩාගාරයට ගනිමු. භාණ්ඩාගාරයට එන ධනය පිළිබඳ සියල්ල ඔබට දැනුවත් කරන්නම්. ඒ වගේම ඒ ධනය සාංඝික දේපොළක් වගේ අපි බලා ගන්නම්.

රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ සල්ලි පිටරට යන්න වෙන්කර ගත්තා. වෙන්කර ගත්ත සල්ලි මදිවුණා කියලා ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් වෙන්කර ගත්තා ලක්ෂ 2000ක්. රට යනකොට රනිල් තනියම යන්නේ නැහැ. ඒ ධනය වියදම් කරලා කින්ස් නෙල්සන්, ස.ජ.බෙ. මාන්නප්පෙරුම, ඉෂාක් රහුමාන්, එක්කරගෙන යනවා. බෙදා ගන්නකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා එයාලාට වෙනසක් නැහැ. මේ රට වැටිලා. රිම් එකෙන් යන්නේ. වාහන ගෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයයි, ආණ්ඩුවයි දෙගොල්ලොම එකතු වෙලා අත්සන් කරනවා වාහන පර්මිට් එකක් දෙන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පර්මිට් එක දෙන්න ඕනලු. කෝටි පහළොවකට විතර විකුණා ගන්න පුළුවන්.

ආණ්ඩුවේ මන්ත්‍රීලයි, ස.ජ.බ. මන්ත්‍රීලයි බෙදා ගන්න කොට, නාස්ති කරන කොට එකට එකතු වෙලා කරනවා. බාර් ලයිසන් දුන්නා. මන්ත්‍රීවරයා නමක් යෝජනා කරන කොට ලයිසන් එක දෙනවා, මන්ත්‍රී ගාණක් ගන්නවා. මන්ත්‍රී කියනවා, ඔයා නමක් යෝජනා කරන්න, මම ලයිසන් එක දෙන්නම්, ඔයා එයාගෙන් සල්ලි ගන්න කියා. මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයෙක් හෝ ස.ජ.බ. නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ. නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...