Monday, April 20, 2026
spot_img
spot_img

රටේ ඉදිරිගමනට තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍යයි – ජනපති

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් පසුගියදා (30) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.

රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමට නම් තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍මෙම හමුවේදී අවධාරණය කළා.

තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්නවලට ද සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතින උද්යෝගය අගය කළා.

එමෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායීව දායක කර ගැනීම සඳහා සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...