spot_img
spot_img

කේට් කුමරියට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් තමන් පිළිකාවකින් පීඩා විඳින බව ප්‍රථම වරට හෙළි කර තිබෙනවා.

ඇය මේ බව හෙළිකළේ බීබීසී මාධ්‍ය හරහා නිල වශයෙන් නිකුත් කළ වීඩියෝවක් හරහායි.

ජනවාරි මාසයේ සිදු කළ උදරයේ ශල්‍යකර්මයෙන් පසු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු මත තමන් මේ වනවිට ‘කීමියෝ තෙරපි’ ප්‍රතිකාරවලට යොමුව ඇති බවයි ඇය මෙහිදී හෙළි කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය කිරීටයේ අනාගත උරුමකරුවන විලියම් කුමරුගේ බිරිඳ, කේට් මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවෙනවා.

තමන් පිළිකා රෝගියෙකු බව දැන ගැනීම තමන්ට විශාල කම්පනයක් වූ බව ඇය මෙහිදී ප්‍රකාශ කළා.

තමන් ඉක්මනින් සුව තත්ත්වයට පත්වන බවට දරුවන් තිදෙනාට තේරුම් කරදීමට තමන්ට කාලය අවශ්‍ය වූ බව පැවසූ කේට් කුමරිය, විලියම් කුමරු තමන්ගේ සහායට සිටීම ඇයට සුවපහසුවක් ගෙන දෙන බවද මෙහිදී ප්‍රකාශ කර සිටියා.

කේට් කුමරියට ප්‍රතිකාර සඳහා ඉහළම සුදුසුකම්ලත් වෛද්‍ය කාර්යමණ්ඩලයක් අනුයුක්තව ඇති අතර මේ අවස්ථාවේදී තමන්ට සහ තම පවුලට කාලය සහ පුද්ගලිකත්වයට ඉඩ අවශ්‍ය බවත් ඇය මේ වීඩියෝවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට චාල්ස් රජුද පිළිකාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටීම නිසා මෙම පුවත් බ්‍රිතාන්‍ය ජනතාවට කම්පනයක් බවට පත්ව ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...