spot_img
spot_img

රාජ්‍ය නිලධාරීන් සඳහා නව වරප්‍රසාදයක් නියෝජ්‍ය නගරාධිපතිවරුන්ට සහ උප සභාපතිවරුන්ට වැටුප් සහිත හෝ රහිත නිවාඩු

පළාත් පාලන ආයතන මැතිවරණවලට ඉදිරිපත්ව නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන, දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් සඳහා රජය විසින් නව වරප්‍රසාදයක් ලබා දී තිබේ.

2026 ජූනි 22 දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයේ 2:3:4 උප වගන්තිය සංශෝධනය කරමින් නව 2:3:4:1 උප වගන්තියක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. මෙමගින් 2021 ජූනි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2021 හි දැක්වෙන විධිවිධාන තවදුරටත් සංශෝධනය කෙරේ.

මෙම නව සංශෝධනයට අනුව, අදාළ තනතුරුවලට තේරී පත්වන රාජ්‍ය නිලධාරියෙකුට පෙර පැවති පරිදි වැටුප් සහිත දින හයක නිවාඩුවක් ලබා ගැනීමට හෝ තම අභිමතය පරිදි එම ධුර කාලය තුළ වැටුප් රහිත නිවාඩුවක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම සංශෝධනය ප්‍රකාශයට පත් කර ඇති අතර, එය රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන කටයුතු සහ රාජකාරිමය කටයුතු අතර සහසම්බන්ධය පහසු කිරීම අරමුණු කරගනිමින් සිදුකර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...