spot_img
spot_img

ජනපති අනුර ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක පළමු විදෙස් සංචාරය ලෙස අද (15) දිනයේ සිට ලබන (17) වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනවා.

ජනාධිපතිවරයාගේ පළමු සංචාරයේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද එක්වීමට නියමිතයි.

අනතුරුව ජනාධිපතිවරයා බුද්ධ ගයාවේ සංචාරය කිරීමට නියමිත අතර ජනාධිපතිවරයා සමඟ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සංචාරයට එක්වීමට නියමිතයි.

ඉන්දීය අගමැති මෝදිගේ දැක්මට අනුව ඉන්දීය සාගර කලාපයේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් හිමිවන බව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...