spot_img
spot_img

සහල් මිල අඩු කරන්න බැරි හේතුව මෙන්න

සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 දක්වා අඩු කරන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 220 ක සිල්ලර මිලට අලෙවි කළ හැකි බැව් තමන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ යැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

ආනයනකරුවන් ආහාර ද්‍රව්‍ය නිකුත් කරනු ලබන්නේ මහා පරිමාණ තොග වෙළෙඳුන්ට වන අතර ඔවුහු කුඩා පරිමාණ තොග වෙළෙඳුන්ට ද, ඔවුහු සිල්ලර වෙළෙඳුන් වෙත ද බෙදා හරිනු ලබයි.

මෙම බෙදාහැරීම් ජාලයේදී ප්‍රවාහන ගාස්තු, පැටවුම් හා බෑම් කුලී වැනි වෙනත් වියදම් සඳහා 8% ත් 10% ත් අතර ප්‍රමාණයක් වැය වන බවයි ඔහු සඳහන් කළේ.

පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර ලබා දුන්නද ඒ සඳහා ලබා දී තිබූ කාලය සති දෙකක් වනවා.

එවැනි කෙටි කාලයක් තුළ සහල් ආනයනය කළ හැක්කේ තමිල්නාඩුවේ දකුණු කෙළවරේ ඇති වරායවලින් පමණක් බවයි පැවසෙන්නේ.

ඔහු සඳහන් කළේ, සුළු කාලයක් තුළ ආනයනය කිරීමේදී සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවන බවද ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් ආනයනය කිරීමේදී අඩු මිලකට ආනයනය කළ හැකි බවයි.

දැනට ඇණවුම් කර ඇති සහල් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයි ද දෙසැම්බර් 20 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ මෙරටට ළඟාවනු ඇතැයි ද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

වරාය මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, 12 වැනි බ්‍රහස්පතින්දා වන විට නාඩු සහල් මෙට්‍රික් ටොන් 440 ක් පමණ කොළඹ වරායෙන් ගොඩබා ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...