spot_img
spot_img

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්‍රාම ගනියි?

පාප් පදවියෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බවත්, ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කර තිබෙනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිත කතාව ඇතුලත් “Life: My Story through History” ස්වයං චරිතාපදානය ඇතුලත් ග්‍රන්ථය එළිදක්වමින්.

පාප් වහන්සේ මේ වන විට 87 හැවිරිදි වියේ පසුවන වන අතර ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සිටියත් තමාට ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බවයි.

“මම විශ්වාස කරනවා පාප්තුමාගේ දේව සේවය ජීවිතයට අත්‍යවශ්‍යයි. එබැවින් එය අත්හැරීම සාධාරණිකරණය කිරීමක් මට නොපෙනේ ” ලෙසින් ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

මෙම වසර මුලදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසනීප තත්ත්වය හේතුවෙන් රැස්වීම සහ හමුවීම් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...