Friday, May 8, 2026
spot_img
spot_img

විපක්ෂ නායක හා IMF නියෝජිතයින් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබෙනවා.

මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සහභාගීවී තිබු බවට වාර්තා වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බවයි.

රජය අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීම හේතුවෙන් අගතියට පත්වී සිටින ජනතාවගේ දුගීභාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළක අත්‍යවශ්‍යතාවය ද මෙහිදී IMF නියෝජිතයින්ගේ අවධානයට යොමුකර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...