spot_img
spot_img

එච් අයි වී ගැන අලුත් කතාවක්

HIV ආසාදිත සෛල වලින් එම වෛරසය සාර්ථකව ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන මොවුන් මේ සඳහා නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන-සංස්කරණ තාක්ෂණය යොදාගෙන තිබෙනවා.

මෙම තාක්ෂණය යොදාගෙන, අණුක මට්ටමින් ආසාදිත සෛල වල අහිතකර කොටස් කතුරකින් මෙන් කපා ඉවත් කිරීමට ඔවුන් ක්‍රියා කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම පර්යේෂණ වල අවසන් බලාපොරොත්තුව වන්නේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම HIV වෛරසය ඉවත් කිරීමට හැකිවීමයි.

කෙසේවෙතත්, මෙය සම්පූර්ණයෙන්ම ඵලදායී හා ආරක්ෂිත දැයි තීරණය කිරීමට වැඩිදුර පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

මේ වන විට සිදුකරන HIV ප්‍රතිකාර වලින් වෛරසය නැවැත්වීමට සමත්වුවත්, එය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කිරීමට සමත් වී නැහැ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...