2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩුදුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයා දෙන ලෙස ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් පැය කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ගැනීම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, අදාළ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිව යුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.මෙත්තානන්ද යන නිලධාරීන් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 250,000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවද නියෝග කර තිබෙනවා.
ඊට අමතරව, රජය විසින් රුපියල් 10000/- වන්දියක් ගෙවිය යුතු බවත් නියෝග කර තිබෙනවා.
අර්ජුන ඔබසේකර, මහින්ද සමය වර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන්.




