spot_img
spot_img

යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර

තාවකාලිකව නවතා ඇති ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දරුවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබා දීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පවසා තිබෙනවා.

මෙහිදී, සෞඛ්‍ය අංශයේ නිලධාරින් සඳහන් කර ඇත්තේ, නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බවයි.

එම වයස් ඛාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩු විය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබූ නිෂ්පාදන හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බව එම නිලධාරින් කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබා දීම අවශ්‍ය බැවින් වයස මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා එලෙස කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බව සඳහන්.

මේ අතර, ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරින් සඳහන් කර ඇත්තේ, ත්‍රිපෝෂ වෙනුවට සහල්වලින් වෙනත් පෝෂණ ආහාරයක් නිෂ්පාදනය කිරීමට තම සමාගම සුදානම් බවයි.

එම නිෂ්පාදනය සිදුකිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බව ත් එය රුපියල් මිලියන 400ක් පමණ වන බවත් එම සමාගමේ නිලධාරින් දැනුම් දී තිබෙනවා.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම මුදලින් අඩක් හෝ මෙරට රජයෙන් ලබාදෙන්නේ නම් ලෝක ආහාර වැඩසටහන මගින් ඉතුරු මුදල ලබා දීමට සුදානම් බව දන්වා ඇති බවයි.

ඒ අනුව, මේ කරුණ සම්බන්ධයෙන් තවදුරට ත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරිය සඳහන් කර තිබෙනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මක බැවින් ඉහළ බඩ ඉරිඟු වගා කිරීමේ අවශ්‍යතාව හා ත්‍රිපෝෂ නිෂ්පාදන අවස්ථාව තෙක් එම ගුණාත්මක බව රැකගැනීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගෙන තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...