spot_img
spot_img

නුවන් බෝපගේ ජනපති සටනට

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා.

අද (29) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ, ළහිරු වීරසේකර මහතා විසින්.

එය භාෂා ත්‍රිත්වයෙන් ම ප්‍රකාශ කිරීමත් විශේෂත්වයක්.

නුවන් බෝපගේ කොළඹ, කොලොන්නාව ප්‍රදේශයේ උපත ලැබූ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ද කොළඹ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස වෘත්තියේ නිරත වනවා.

තමන් උපන් ප්‍රදේශයේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ සටනට නායකත්වය දුන් නුවන් බෝපගේ තවත් මහජන අරගල ගණනාවක පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළා.

නීතීඥයෙකු ලෙස ඔහු විදුලි බලාගාරයක් නිසා සිදුවූ පරිසර දූෂණයෙන් පීඩාවට පත් චුන්නාකම් ජනතාව වෙනුවෙන් පෙනීසිට ඓතිහාසික නෛතික ජයග්‍රහණයක් ලබා බව සඳහන්.

විශේෂයෙන් මානව හිමිකම්, පරිසරයේ ආරක්ෂාව, පනත් කෙටුම්පත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදී ක්ෂේත්‍රවල ජනතාව වෙනුවෙන් විශාල නෛතික ජයග්‍රහණ අත්පත් කර දුන්නා.

ජන අරගලවල ඔහුගේ තීරණාත්මක භූමිකාව නියෝජනය වූයේ 2022 අරගලයේදීයි.

එහි දී ගාලුමුවදොර පිටියේ ගෝඨා ගෝ ගම තුළ අරගල ක්‍රියාකාරිකයෙකු ලෙස ද, අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනය තුළ දී නීතීඥයෙකු ලෙස ද ඔහුගේ ක්‍රියාකාරීත්වය සුවිශේෂී වුණා.

වර්තමානයේ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...