spot_img
spot_img

තැපැල් ඡන්දහිමියන්ට දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතුයි.

එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන් ද ලබාගත හැකියි.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු වනවා.

අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශනය කෙරේ.

* සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)
* සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල
* සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...